| |
| Contentment is the Greatest Wealth! |
|
|
|
| |
|
| |
The moment we hear the word 'poverty', the first thing that comes to mind is starvation, lack of shelter, scarcity of educational and medical services and malnutrition. Considering the fact that our country is surrounded by the ocean and has abundant resources such as fish and possess rivers and lush natural water tanks, it is actually a wonder as to what really makes 'poverty' exist?
We would probably languish in the same way as long as we continue to depend on buying rice and other dry rations on credit from the small boutique in the junction without resorting to self-sufficiency by cultivating products from our very own garden.
One would say it is easier said than done and that, the real task would be putting it to action in the confined spaces one has, but then do we not see various horticultural plants in these very gardens? Therefore why is it not possible to grow something which can be thus consumed?
The sole reason for our languishment in poverty is lethargy and inefficiency. As long as one is weak at heart there is no rising out of poverty however much one may be offered assistance. We feel sympathy for the poor and we help them as much as we can. When we sympathize with the poor, we're only encouraging further languishment. It we offer empathy instead of sympathy they will undoubtedly be able to shed the shackles of poverty.
Shouldn't one really be analysing the validity of the calculating of the per capita income as a tool for measuring the development of a country? It would be quite farcical if one were to boast about it without considering the vicious cycle of the division of income. Does our society bear the proper understanding of the social activists' duty and the responsibility towards placing the proper strategies to the mental frustration and the discontentment that people possess which stem not only from monetary roots but also from other socio - economic trends as well?
According to the statistics of the World Health Organizations, 30% of the world population is mentally ill. While 35% to 40% of such cases in the first world states do not take any treatment for this, this figure is at about 75% in developing countries like ours and other poverty stricken countries. In a society as ours, the poverty alleviation programmes would find it difficult to meet their objectives since they are conducted without proper stimulation that would help in healing the wounded mentalities. Is it not the responsibility of the social activists' to mobilise programmes which strengthen knowledge and skills of the masses in addition to the elimination of hunger?
Therefore do you think that there is sufficient attention being paid to the enhancement of the mental happiness/mental health in the poverty alleviation programmes that have been undertaken by the Government and various other organisations?
Kala Suri (Expert in Arts) Rohana Deva
Chairman - Thidora Theatre
if you can't read below in sinhala, please get Sinhala unicode from http://www.siyabas.lk/si
දරිද්‍රතාවය යන වදන ඇසෙත්ම අපේ අවධානයට යොමු වන්නේ කුසගින්න, හිසට සෙවනක් නොමැතිකම, අධ්‍යාපනික හා වෛද්‍ය පහසුකම්වල අහේනිය සහ මන්ද පෝෂණය යන අංශයන් කෙරෙහිය. මත්ස්‍ය සම්පතින් පමණක් නොව සුවිශාල වූ සාගර සම්පත් අනූන රට වටාම පිහිටි මහා සයුරකින්ද, සිව්මහ ගංඟා පරිවරා ජලදහරාවෙන් පෝෂිත පිංකෙතක් බඳු භූමියකින්ද සමන්විත අප දිවයින තුල දරිද්‍රතාව යන වදනට ඉඩහසර ඇති වූයේ කවර නම් හේතුවක් නිසාද?
ගෙවත්තෙන් මුලුතැන්ගෙට ගන්නවා වෙනුවට හන්දියේ කඩයෙන් ණයට හෝ හාල් තුනපහ ගෙන වේල පරිමසා ගැනීමට යුහුසුළු වන තාක් අපි දිළින්ඳන්ම නොවෙමුද?
කියන්න නම් ලේසියි වවන්න කොහෙද තියෙන ඉඩකඩම්? එසේ අසන කාගෙත් ගෙවත්තක විසිතුරු මල්ගස් නම් දකින්න නැතුවාද? කොලයක් ඵලයක් අනුභව කල හැකි විසිතුරු ශාඛා ගෙවත්තේ වැවීමට නොහැකිද?
අප දිළිඳුභාවයට පත්ව ඇත්තේ උකටලී වූ උදාසීනවූ මනස නිසාමය. සිතින් දිළිඳු වූ කළ කෙතරම් බාහිර ආධාර උපකාර ලැබුනද නැගී සිටිය නොහැකිය. දිළින්දා දැක අනුකම්පා සහගත වන අපි හැකි පමණින් ඔවුනට උපකාරී වන්නෙමු. අනුකම්පාව (Sympathy) වෙනුවට සහකම්පාව (Empathy) හෙවත් සහෘද බව සහිත දැක්මකින් අතහිත දෙන කල්හි දිළිඳු බවේ වැරහැලි වෙනුවට පිරිසිදු විලිවැස්මක් සපයා ගැනීමට ඔවූහූ සමත් නොවෙත්ද?
ඒක පුද්ගල ආදායම මත රටක දරිද්‍රතාවය විශ්ලේෂණය කිරීම තව දුරටත් වලංගු වන්නාවූ මිනුමක්ද යන්න සලකා බැලිය යුතු නොවන්නේද? ආදායම් බෙදී යාමේ විෂම චක්‍රය ගැන නොසලකා මහත් උජාරුවෙන් ඒ ගැන කතා කරයි නම් එය විහිළුවකි. ආදායම් මත පමණක් නොව අන් සමාජ දේශපාලන ප්‍රවනතා මතද පදනම් වී ඇති මානසික අසහනය අතෘප්තිය සඳහා සුදුසු පිළියම් සපයාදීමට වන සමාජ ක්‍රියාකාරීන්ගේ වගකීම හා වගවීම පිළිබඳව නිසි අවබෝධයක් අප සමාජය සතුද?
ලෝක සංවිධානයට අනුව ලොව ජනගහනයෙන් 30%ක්ම පිරිහිනු මානසික සෞඛ්‍ය තත්වයෙන් යුක්තය. ධනවත් රාජ්‍යයන්හි මේ සඳහා ප්‍රතිකාර ලබා නොගැනීම 35%ක් 40%ක් පමණ වන අතර දුප්පත් සහ අප වැනි සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්හි මෙකී ප්‍රතිශතය 75% ක් භෞතික සම්පත් සැපයුවද එය ඟඟට ඉනි කැපීමක් නොවන්නේද? ඔද්දල් වූ ජන සමාජයක, පෑරුණූ මානසිකත්වය සුවපත් කිරීම සඳහා සුදුසු උත්තේජක සැපයීමෙන් තොරව කරනු ලබන දිළිඳුකම පිටුදැකීමේ කවර ව්‍යාපෘතියකින් වුවද අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගැනීම දුෂ්කර කාර්යයක්ම නොවන්නේද? කුස පමණක් නොව හිස (දැනුම) ද අත (කුසලතා) ද ශක්තිමත් කරලන ව්‍යාපෘති කෙරෙහි යොමුවීම සමාජ ක්‍රියාකාරීන්ගේ වගකීම විය යුතු නොවන්නේද?
දරිද්‍රතාවය පිටු දැකීමේ රජයේ/අන් සංවිධානයන්හි ව්‍යාපෘති මඟින් ප්‍රතිලාභියාගේ මානසික සංතුෂ්ටිය/ මානසික සෞඛ්‍ය කෙරෙහි දක්වන සැලකිලිමත් බව ප්‍රමාණවත් යැයි ඔබ සිත්න්නේද?
if you can't read below in Tamil, please get Tamil unicode from http://www.siyabas.lk/tamil_how_to_install_in_english.html
‘வறுமை’என்றசொல்லை நாம் செவிமடுக்கும் சந்தர்ப்பத்தில், எமதுஉள்ளத்தில் முதலில்தோன்றும் விடயங்களாக இருப்பது பட்டினி, உறையுள்இன்மை, கல்விமற்றும் மருத்துவசேவைகள் பற்றாக்குறை மற்றும் ஊட்டச்சத்துகுறைவுபோன்றனவாகும். கடலால்சூழப்பட்ட, மீன்பிடிப்பதற்கான வளங்கள் நிறைந்த, ஆறுகளும், இயற்கை நீர்வளங்களும், குளங்களும், கிணறுகளும் உள்ள எமது நாட்டில் ‘வறுமை’என்பது தொடர்ந்தும் நீடிக்கக்காரணம் என்ன?
எங்களுக்குசொந்தமான தோட்டத்தில் தன்னிறைவுக்கான போதிய உற்பத்திகளை மேற்கொள்வதற்கு முயற்சிசெய்யாது, எமது வீட்டிற்கு அருகில்உள்ள சந்தியில் அமைந்திருக்கும் கடையில் அரிசியையும், வேறு உலர் உணவுப்பொருட்களையும் கடனுக்குகொள்வனவு செய்வதிலேயே நாம்தொடர்ந்து தரித்திருக்கும்வரையில் நாம் நலிவடைந்தே இருப்போம்.
கதைப்பது இலகுவானது ஆனால் தம்மிடம் காணப்படும் சிறிய நிலப்பகுதியில் அதனை செயற்படுத்துவது கடினமாக இருக்கும் என ஒருவர் குறிப்பிடலாம். இந்ததோட்டங்களில் வேறுபட்ட தோட்டவியல் தாவரங்களை நாம் காண்பதில்லையா? அவ்வாறாயின், அந்த தோட்டங்களில் நுகரக்கூடியவற்றை பயிரிடுவது ஏன் சாத்தியமில்லை?
எங்களுடைய வறுமையின் நலிவுக்கான ஒரே காரணம் எங்களுடைய அக்கறையின்மையும், முயற்சியின்மையும்தான்.உளரீதியாக பலவீனமாக உள்ள ஒருவருக்கு, எவ்வளவு உதவிவழங்கினாலும் அதனால் பயன் ஏதும் இல்லை. வறியவர்களை கண்டு நாம் அனுதாபப்படுகின்றோம். எம்மால் இயன்றளவு அவர்களுக்கு உதவிசெய்கின்றோம். வறியவர்கள் மீது நாம் அனுதாபப்படுவதனால், அவர்களை நாம் மேலும் நலிவடையச்செய்கின்றோம். நாம் அவர்கள் மீது அனுதாபப்படுவதற்கு பதிலாக அவர்களுக்கு தொடர்ந்து வழங்கும் பச்சாதாபம் ஊடாக வறுமையின் சங்கிலியை அறுத்தெரிந்து வெளியில் வருவதற்கு அவர்களால் இயலும் என்பதில் ஐயமில்லை.
ஒரு நாட்டின் அபிவிருத்தியை கணிப்பிடுவதற்கான கருவியாக தனி நபர் வருமானத்தை அளவிடுவது செல்லுபடியானதா? என்பதனை பகுப்பாய்வு செய்யவேண்டுமல்லவா? வருமானப் பிரிவின் தவறான சக்கரம் குறித்து கவனஞ்செலுத்தாது, அதுகுறித்து உரத்தகுரலில் கதைப்பது நகைச்சுவையானது. வருமானஞ் சார்ந்ததாக மாத்திரமின்றி, வேறு சமூக,பொருளாதார முறைகளிலும் காணப்படும் மக்களிடம் உள்ள மன அழுத்தம் மற்றும் உளநிறைவின்மை என்பவற்றுக்கு முறையான மூலோபாயங்களை வடிவமைப்பது தொடர்பான சமூக நடவடிக்கையாளர்களின் கடமை மற்றும் பொறுப்புதொடர்பில் எமது சமூகத்திடம் முறையான புரிந்துணர்வு உள்ளதா?
உலக சுகாதார நிறுவனங்களின் புள்ளிவிபரங்களுக்கு அமைய, உலகசனத்தொகையில் 30% மானவர்கள் உளரீதியாக பாதிக்கப்பட்டவர்கள். அதேவேளை, செல்வந்த நாடுகளில் 35% இலிருந்து 40% மானவர்கள் இதன் பொருட்டுசிகிச்சை பெறுவதில்லை. வறியநாடுகளிலும், எம்மைப்போன்ற அபிவிருத்தி அடைந்துவரும் நாடுகளிலும் இந்த அளவு 75%ஆகக் காணப்படுகின்றது. எமது சமூகங்களில், மனநிலை பாதிப்புக்களை குணமாக்குவதற்கு உதவக்கூடிய முறையானதூண்டல்கள் இன்றி முன்னெடுக்கப்படுவதனால், வறுமை ஒழிப்புநிகழ்ச்சிகள் தமது குறிக்கோள்களை அடைவதில் சிக்கலை எதிர்நோக்குகின்றன. பட்டினியை ஒழிப்பதிலும்பார்க்க, அதுசார்ந்த அறிவையும், தகைமையையும் வலுப்படுத்தும் நிகழ்ச்சிகளை ஒன்றிணைக்கவேண்டியது சமூக நடவடிக்கையாளர்களின் பொறுப்பு இல்லையா?
எனவே, அரசாங்கத்தினாலும், வேறு பல நிறுவனங்களினாலும் முன்னெடுக்கப்பட்டுள்ள வறுமை ஒழிப்பு நிகழ்ச்சிகளில் மனமகிழ்ச்சி/மனநலம் என்பவற்றை மேம்படுத்துவது தொடர்பில் போதிய அவதானஞ்செலுத்தப்பட்டுள்ளதாக நீங்கள் எண்ணுகின்றீர்களா?
கலாசூரி (கலைகள் நிபுணர்)
ரொஹன தேவா-
தலைவர்,
திடோரா அரங்கு (Thidora Theatre)
|
| |
|
| |
|
| |
|
| |
|
|
| |
|
| |
|
Says :
2010-10-15 05:29:58 |
|
Document focuses on the pervading poverty in the island with tragic consequences on the mental health of the general populace finally building up weak personalities. To the writer this poses a conundrum -- the very rich sources of the country as against such conditions. However writer does not clarify his position as to whether a manifestation of sympathy should accompany aid. The negative terms used make it unclear. Can per capita income be a sound criterion to measure the prosperity of a country? No, he seems to conclude. Variations of income are clearly apparent while factors as politics play their part in the rich-poor demarcations. It is not only incomes that need boosting but knowledge and abilities to achieve a rounded personality. Though put across rather negatively, the altruistic message stays.
|
|
|
|
| |
|
| |
|
| |
|
Says :
2010-10-15 05:58:25 |
|
බටහිරට ගැති බවින් දහඩිය මහන්සියෙන් උපයා ගන්නා ජීවන ක‍්‍රමය වෙනුවට වෙළඳපල හා බැඳුන වාණිජකරණයට යට වී අපේ ම වූ ඇගයීම් රටාව අමතක කොට යටත් විජිත මානසිකත්වය වැළඳ ගැනීමෙන් හෙළ ජාතියට ආවේණික වූ ජීවිතයේ තෘප්තිමත් බව වෙනුවට විජාතික වූ බහු භාණ්ඩිකත්වය සංවර්ධනයේ මිණුම් දණ්ඩ ලෙස පිළිගැනීමට වූ දා සිට දරිද්‍රතාවයේ හංවඩුව ගසා ගැනීමට තරම් අප තකතීරු වී ඇති බව අවබෝධ කොට ගන්නේ නම් අපේ ප‍්‍රශ්නවලට විසඳුම් ද එහි ම ඇත. අතීතයේ සිට අපට උරුම වූයේ භෞතික දියුණුව පමණට ම අධ්‍යාත්මික හා සංස්කෘතික දියුණුව ද සමබරව ගෙන යා යුතුය යන උදාර දර්ශනයයි. එහෙයින් ම තමන් හිසට තම අතමය සෙවනැල්ල යන ඉගැන්වීම පරිදි ස්වෝත්සාහයෙන් නැගී සිටීමේ අභිමානය නැවත ජීවමාන කරවමින් සංවර්ධනය කරා ජනතාව පෙළගැස්වීමේ දී ප‍්‍රධාන ම අවශ්‍යතාව වන්නේ වහල් ගැති බවින් මුදවා දේශීය වූ ක‍්‍රමවේදයේ අගය හඳුනා ගැනීමට දැනුවත්භාවය ලබා දීමය. අනෙක් සියලූ සහනයන්, දීමනා හා ආධාර නිෂ්ඵලය, තාවකාලිකය. යැපුම් ක‍්‍රමයට හුරු කරවීමකි. පරගැති බව වර්ධනය කරවීමකි. එය නව යටත් විජිතවාදය විසින් අපව හසු කර ගැනීමට අටවා ඇති හබකක් නොවේ නම් කෙමණක් බව ගැඹුරින් අවබෝධ කොට ගනිමු. අපේ නිවහල් බව ඇත්තේ එතැනය.
|
|
|
|
| |
|
| |
|
| |
|
Says :
2010-11-25 02:13:33 |
|
දරිද්‍රතාවයේ බහුවිධ මානයන් පිළිබඳව කතුවරයා බෞද්ධාගමික පදනමකින් නැතහොත් පර්යාවලෝකනයකින් ගෙන හැර දැමීමට ගන්නා උත්සහය අගය කළ යුතුය. ආගම, දර්ශනය, සදාචාරයෙන් ක්‍රමිකව ඈත්වෙමින් යන සමාජයකට ආගම මුලික කර ගනිමින් රටේ පවත්නා දැවෙන ප්‍රශ්න අතරින් මුලික ගැටළුව වන දරිද්‍රතාවය බෞද්ධ දර්ශනය තුළින් සාකච්ඡාවට බඳුන් කිරීම කාලීන අවශ්‍යතාවයක් ලෙසද මම දකිමි. අනෙක් අතට බෞද්ධ දර්ශනයට මුලිකත්වය දෙමින් අනෙකුත් ආගම් පසෙකට දමන්නේ යැයි වැරදි වැටහීමකට නො ආ යුතුයැයි ප්‍රථමයෙන් මතක් කළ යුතුය. සම්පත් ගොන්නක් පිරිවරාගෙන සිටින ශ්‍රී ලංකාව දුප්පත් රටවල් අතරට නැතහොත් අසමත් රාජ්‍යයන් යන කාණ්ඩයට එක්වීම කතුවරයාට විෂ්මයාර්ථය ගෙන දෙන්නක් වේ. එය එසේ විය යුතුද යන්න මට ගැටළුවකි. කොපමණ සම්පත් තිබුණද එය නියමාකාරයෙන් කළමණාකරණය නොකරන තාක්කල් අපට අපගේ සංවර්ධනයක් දැකගත නොහැකිද?. මෙම තත්වය මඟ හරවා ගැනීමට නම් රටක යටත් වැසියන් පමණක් නොව එම යටත් වැසියන් හසුරවනු ලබන නායකත්වයටද ඒ පිළිබඳව යම් අවබෝධයක් නිවරැදි මඟ පෙන්වීමක් තිබිය යුතුය. ශ්‍රී ලංකාව ආදර්ශයට ගනිමින් සිංගපුරුව සංවර්ධිත රටක් වන්නේ නිවරුදි නායකත්වය පමණක් නොව යටත් වැසියා තුළ පැවතුණාවු කැපකිරීමත්ය. අප සමාජය මේවන විට විවිධ වූ බලවේගයන්ට හසුවී හමාරය. එවැනි වූ සමාජයක කැපකිරීමක් බලාපොරොත්තු විය නොහැකිය යන්න මගේ මතය වේ. කතුවරයා නිර්මාණය කිරීමට වෙර දරණ ඒ සිහිනයට අප සමාජයෙන් කී දෙනෙකු හවුල්කරුවන් වේද යන්න මාහට ඇති තවත් එක් ගැටළුවකි. මන්දයත් “පරිභෝජනවාදී සංස්කෘතිය” යන මායාවට මෙම රට හසුවී හමාරය. අවධාරණය කළ යුතු කරුණක් වන්නේ අපට මෙම තත්වය නැවැත්වීමට නම් කොතනින් හෝ මෙම චක්‍රය බිදිය යුතුය. එම බිදීම ජනතාව තුළින් ඇතිවුවහොත් එය තිරසාර එකක් වනු ඇතැයි මාගේ හැගීම වේ. නැතහොත් එය බලෙන් එබ්බවිය හැකි දෙයක් නොවේය යන්න මාගේ මතය වේ. නැතහොත් පුද්ගල අවබෝධය මත ඇතිවිය යුත්තකි. එවැනි වු අවබෝධයක් පුද්ගලයා තුළ හට ගැනීමට නම් අනිවාර්යයෙන් ඔහු තුළ යම් ආකාරයක මානසික ශක්තියක් තිබිය යුතුය. එම මානසික ශක්තිය ඇති කරගත යුත්තේ පුද්ගලයා විසින් අන් සමාජ යාන්ත්‍රණයන්ගේ මඟ පෙන්වීම යටතේය. අප සමාජයේ මා දකින තවත් දුබලතාවයක් නම් සිතින් දුබලවීම පමණක් නොව ඔවුන් සතුව පවතින යැපුම් මානසිකත්වය හා ඉච්ඡාභංගත්වය. මෙවැනි මානසිකත්වයක් පවතික සමාජයක රටේ සංවර්ධනය තියා පුද්ගලය දියුණුවවත් අපේක්ෂා කළ නොහැක. මෙවැනි භයානක තත්වයකට සමාජය පත්කරනු ලැබීමට විජාතික බලවේගද යම් ආකාරයක හේතු කාරණයක් වූ බව කිව යුතුය. මන්දයත් මාගේ අත්දැකීමට අනුව අප විවිධ ගම්මට්ටමින් සමීක්ෂණ කිරීමේදී අපට ඒත්තුයන කරුණක් නම් එම ගම්වාසීන් අපගේ සමීක්ෂණය අවසානයේදී හෝ ආරම්භයේදී අපගෙන් අසනු ලබන පැනයෙනි. එම පැනය නම් මේ සමීක්ෂණයෙන් අපට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද? අපිට මොනවා දෙන්නද ගමට ආවේ? ඔවුනට අවශ්‍ය වන්නේ ක්ෂණික ප්‍රතිලාභයන්ය. ඔවුන් මෙසේ සිතන්නට තරම් ඔවුන්ගේ මානසිකත්වය කොතරම් දුරට පිරිහි තිබෙන්නේද යන්න මගේ අවබෝධය වේ. මෙම තත්වය බරපතල ලෙස දක්නට ලැබෙන්නේ සුනාමියෙන් පසුව බව ඔවුන්ගේ මතය වේ. ඒ කෙසේ වෙතත් අතීතයේ සිට අප සමාජය යම් ආකාරයක යැපුම් මානසිකත්වයක් ඇතිව විකාශනය වූවක්ය යන්න මාගේ මතය වේ. සමාජයේ මෙවැනි වූ දුර්වල පුද්ගලයන් 100%ක් සිටින්නේ යැයි මා කියන්නේ නැත. මේවන විට විද්‍යුත් මාධ්‍ය හරහා විවිධ සමාජ බලවේග හරහා පුද්ගලයන්ව ගෙවතු වගාවට යොමු කිරීමක් කරනු ලබයි. එය අගය කළ යුතුය. වර්තමානයේ වන විට එය විලාසිතාවක් කරගත් අවස්ථාවන්ද දක්නයට ලැබේ. නමුත් එක අංශයක් පමණක් ස්වයංපෝෂිත කිරීමෙන් දරිද්‍රතාවය පිටුදැකිය නොහැක. මෙය සාමුහික ප්‍රයත්නයක අනිවාර්ය ප්‍රතිඵලයක් විය යුතුය යන්න මාගේ අදහස වේ. කතුවරයා දක්වා ඇති හිස පමණක් නොව අතද ශක්තිමත් කළ යුතුය යන අදහසට මම
இது மொழிமாற்றம் செய்யப்பட்டதாகும். வறுமைக்கான பல்வேறுபட்ட காரணிகள் பற்றி கட்டுரையாளர் பௌத்த மதக்கோட்பாட்டின் மூலம் அல்லது உளக்காட்ச்சியின் மூலமாக வெளிக்கொணர வரும் முயற்சியை பாராட்டுகிறேன். மதம்,வாழ்க்கை கோட்பாடு, நன்னடத்தை போன்றவற்றிலிருந்து தூரமாகிக்கொண்டிருக்கும் ஒரு சமுதாயத்திற்கு மதத்தை முன்னிலைப்படுத்தி நாட்டின் முக்கிய பிரச்சினைகளுள் ஒன்றான வறுமையை பௌத்த மதக்கோட்பாட்டுடன் கலந்துரையாடுவது காலத்தின் தேவையென நான் நோக்குகிறேன். இதன் கருத்து ஏனைய மதங்களை பின்னிலைப்படுத்துகிறேன் என்ற தப்பான புரிதலுக்கு செல்லவேண்டாம் என்பது எனது முதன்மையான வேண்டுகோளாகும். ஏராளமான வளங்கள்கொண்ட இலங்கையில் வறுமை நிலவுவதை கட்டுரையாளர் ஆச்சரியத்தோடு பார்க்கிறார். என்னைப்பொருத்த வரையில் இது ஆச்சரியப்படக்கூடிய விடயமல்ல. எவ்வளவுதான் வளங்கள் இருந்தாலும் அதை ஒழுங்கு முறையாக முகாமை செய்யாதுபோனால் எமக்கு எம்முடைய முன்னேற்றத்தை காணமுடியுமா?.. இந்நிலமை மாறவேண்டுமானால் நாட்டு மக்களிற்கு மட்டுமல்ல நாட்டுத்தலைவருக்கும் இது பற்றிய புரிந்துணர்வும் மிகச் சரியான வழிகாட்டல்களும் காணப்படவேண்டும்.சிங்கப்பூர் இலங்கையை முன்னுதாரணமாகக்கொண்டு முன்னேறியது சரியான தலைமைத்துவம் மட்டுமல்ல அந்நாட்டு மக்களின் அர்ப்பணிப்பு,முயற்சியினாலேயாகும். எமது சமுதாயம் இதுவரையில் பல சவால்களிற்கு முகம் கொடுத்துள்ளது. எனவே இப்படிப்பட்ட சமுதாயத்திலிருந்து அர்ப்பணிப்பை எதிர்பார்க்க முடியாது என்பது எனது அபிப்பிராயமாகும். கட்டுரையாளரின் கனவை நனவாக்கும் பணியில் எமது சமுதாயத்திலிருந்து எத்தனை பேர் பங்காளிகளாகுவார்கள்? என்பதும் எனக்குள்ள இன்னொரு கேள்வியாகும். எமது நாடு நுகர்வுக் கலாச்சாரத்திற்கு உள்ளாகிவிட்டது. அவதானிக்ககூடிய விடயம்தான் எமக்கு இதை நிறுத்தவேண்டுமானால் எவ்விடத்திலாவது இச்சக்கரத்தை தகர்க்கவேண்டும். இத்தகர்க்கும் செயற்பாடு மக்களினால் ஏற்படுமென்றிருந்தால் அது நிலைத்து நிற்கக்கூடியது என்று நான் நினைக்கிறேன். அதற்கு மாற்றமாக வலுக்கட்டாயமாக,பலாத்காரமாக திணிக்கப்பட முடியாது என்பது எனது தனிப்பட்ட கருத்தாகும்.மேலும் தனிநபர் விழிப்புணர்வு மூலமாக ஏற்படக்கூடியதாகும்.இப்படிப்பட்ட தனிநபர் விழிப்புணர்வு ஏற்படுவதற்கு கட்டாயமாக ஏதாவதொரு வகையில் மனதைரியம் இருக்கவேண்டும். இப்படிப்பட்ட மனதைரியத்தை தனி நபர் மூலமாக ஏனைய சமூக இயங்கு சக்திகளின் வழிகாட்டலின் கீழ் சாத்தியமாகும். நான் எமது சமுதாயத்தில் காணப்படும் இன்னொரு பின்னடைவாக உளவியல் ரீதியான பின்னடைவை மட்டுமல்ல நெறிப்பிறழ்வையும் காண்கின்றேன். இப்படிப்பட்ட உளவியல்பின்னடைவுள்ள சமுதாயத்தினால் நாட்டின் அபிவிருத்தி எப்படிப்பட்டாலும் தனிப்பட்ட முன்னேற்றத்தைக்கூட கண்டுகொள்ளமுடியாது. சமுதாயம் இப்படிப்பட்ட ஆபத்தான நிலமைக்கு உள்ளாவதற்கு சர்வதேச அழுத்தங்களும் ஒருவகையில் காரணமாகும். எனது அனுபவத்தின்படி வித்தியாசமான கிராம மட்டங்களிற்கு சென்று ஆய்வுகளை மேற்கொள்ளும்போது கிராமவாசிகளிடமிருந்து இறுதியில் அல்லது ஆரம்பத்தில் கிடைக்கும் பதில் எமக்கு என்ன தருவீர்கள்?எமக்கு என்ன கிடைக்கும்.? இவர்களிற்கு தேவைப்படுவதெல்லாம் உடனடியான அனுகூலங்களாகும். இவர்கள் இப்படி நினைப்பதற்கு இவர்களது உளவியல் தாக்கமே என்று நான் கருதுகிறேன். சுனாமியின் பின்னரே இவ்வாறான சூழ்நிலை ஏற்பட்டுள்ளது என்று அவர்கள் கருதுகிறார்கள். சமுதாயத்தில் இவ்வாறான பின்னடைவுள்ள நபர்கள் நூற்றுக்கு நூறு இருக்கிறார்கள் என்று நான் சொல்லமாட்டேன். இது வரையில் வெகுசன தொடர்பூடகங்கள் வாயிலாகவும், பல்வேறுபட்ட சமூக உந்துசக்திகளினூடாகவும் மக்களை வீட்டுத்தோட்டப் பயிர்ச்செய்கைக்கு ஆர்வமூட்டி வருவதை நான் வரவேற்கின்றேன். இப்போதெல்லாம் வீட்டுத்தோட்ட பயிர்ச் செய்கை ஒரு நவநாகரிகமாக ஏற்றுக்கொண்டுள்ளதை அவதாணிக்க முடிகின்றது. என்றாலும் ஒரு துறைக்கு மாத்திரம் ஊக்கமளிக்கப்படுவதினால் மாத்திரம் வறுமையை ஒழிக்க முடியாது. எல்லாத் துறைகளும் கட்டாயமாக சமமாக ஒன்றிணைந்து செயற்பட்டாலே உறுதியான நல்லதொரு பிரதிபலனை பெறமுடியும் என்பது எனது கருத்தாகும். இங்கு தலையை மாத்திரமல்ல கைகளையும் பலப்படுத்தவேண்டும் என்ற கட்டுரையாளரின் கருத்துக்கு நான் எவ்வித வாதங்களுமின்றி உடன்படுகின்றேன்.
|
|
|
|
| |
|
| |
|
| |
|
Says :
2010-12-01 04:08:23 |
 |
සිංහල අනුවාදය හදවතේ තෘප්තිමත්වීම මත කෙනෙක් දුප්පත්විම හෝ පොහොසත්වීම විය හැකිය. මානසික බලපෑම් වීමට හේතුන් ලෙස ආදායම හා රැකියාව වැදගත් තැනක් ගනියි. මගේ පෞද්ගලික අදහසට අනුව තමන්ගේ ආදායමට හා රැකියාවෙන් කෙනෙකු තෘප්තිමත් වූයේ නැත්නම් ඔහු/ඇය හදවතින් හිස් බවක් හෝ ඉච්ඡාභංගත්වයක් හෝ මානසිකව දුප්පත් යන හැගීමක් ඇතිවිය හැකිය. නමුත් මෙය යථාර්ථය වේ. සැබවින්ම දරිද්‍රතාවය යන්න නිරීක්ෂණය කරනවානම් එය මනුෂ්‍ය ජීවන චක්‍රයකි. එහි සමබරතාවයක් නොමැත. එය ඉතාම අවධානමින් බැලිය යුතු එකකි. ඒ තුලින් අපට ජිවිතයේ තෘප්තිමත් භාවයක් ලැබිය හැකිය. ඊට හේතු වන්නේ අප සැමවිටම අපේ සම්පත්, වත්කම්, සෞඛ්‍ය තත්වය, ජීවනෝපාය තුලින් අපිට වඩා පහළින් සිටින අය නිරීක්ෂණය කල යුතුය. අපි, අපිට වඩා ඉහළින් සිටින අය දෙස බැදුවොත් ඇත්තටම අපේ මානසිකත්වය පහත වැටීමට හේතුවක් විය හැකිය. අපි ඒ අයත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් ආදායම් මාර්ගවලින් පසුපසට යා හැකිය. පහළ වැටීමක් විය හැකිය. නැතිනම් ඉක්මනින්ම කුමන හෝ මාර්ගයකින් අපේ වත්කම්, ආදායම් මට්ටම වැඩි කරගන්න නීත්‍යානුකූල නොවන සමාජ විරෝධී සහ දේශද්‍රෝහීව ආදායම් ලබා ගැනීමට උත්සහ කිරීමට යොමු විය හැකිය. සැබවින්ම තමන්ට වඩා පහළ සිටින අය දෙස බැලුවොත් අපට යම් දෙයක් වැඩියෙන් තියෙනවානේ කියලා හිතලා තෘප්තිමත් වෙන්න පුළුවන්. උදා පාපැදියක් තියෙන කෙනෙක් කාර්, මොටර් සයිකල් වල යන අය දිහා බලලා දුක් වෙන්න පසුතැවිලි වෙන්න හොඳ නෑ. ඒ මන්දයත් පා පැදියක්වත් නැති අය පයින් ගිහිං ඒ අයගේ වැඩ කරගන්නවා. පාදයක් හෝ දෙපයම අහිමි අයත් ඒ ආබාධ ඇතුව වැඩ කරගන්නවා. මෙහිදී මා කීමට උත්සහ දරන්නේ තමන් ඉහළ නො ආ යුතුය යන්න නොවේ. අප කළ යුත්තේ නීත්‍යානුකූල මාර්ග භාවිතා කරමින් අපගේ ජීවනෝපායන් ඉහළ දමාගැනීම තමන්ගේ යුතුකම වේ. මෙහිදී තමන් සතු කුසලතාවයන්, හැකියාවන්, වත්තකම් උපයෝගී කරගනිමින් තමන්ගේ ජීවන මට්ටම ඉහළ දමා ගැනීමට හැකිනම් අපට උපරිම තෘප්තියක් ලබා ගත හැකිය.
உளநிறைவே மாபெரும் செல்வம் என்பதிலிருந்து விளங்குவது யாதெனில் உள்ளத்தினால் ஒருவர் செல்வந்தனாக அல்லது வறியவனாக திகழலாம் எனபதாகும்.ஒருவரினது உளரீதியில் பாதிப்பு செலுத்தும் விடயத்தில் வருமானம்,தொழில் என்பன முக்கிய இடத்தினைக் கொண்டுள்ளது. தனது வருமானம், தொழில் என்பனவற்றில் தான் திருப்தியுற வேண்டும்.அல்லாத பட்ச்சத்தில் தனக்குள்ளே ஏதோ ஒரு வெறுமையை,வறுமையை உணர்பவனாக இருக்கலாம் என்பது எனது தனிப்பட்ட கருத்தாகும். இதுதான் யதார்த்தம்.உண்மையில் வறுமையினை சரியாக நோக்குவோமேயானால் அது ஒரு மனித வாழ்க்கைச் சுழற்ச்சிச் சக்கரமாகும்.அதில் ஏற்றத்தாழ்வுகள் காணப்படுகின்றன. அவற்றை நாம் நிதானத்தோடு பார்க்கவேண்டும். அப்போதுதான் எமக்கு வாழ்வில் உளநிறைவு ஏற்படும்.காரணம் நாம் எப்போதும் எம்மைவிடவசதிவாய்ப்புக்களில், சொத்துக்களில், தேகஆரோக்கியங்களில்,வாழ்வாதாரத்தில் கீழாலுள்ளவர்களை நோக்குவது மிகவுமே பொருத்தமாகும்.எம்மைவிட மேலாலுள்ளவர்களைப் பார்த்து அவர்களுடன் எமது வசதிவாய்ப்புக்களை, சொத்துக்களை, தேகஆரோக்கியங்களை ஒப்பிட்டுப்பார்ப்பதானது நாம் எமது மனமகிழ்ச்சிக்கு, உளநிறைவுக்கு பாதிப்பை ஏற்படுத்துவதாக அமையலாம்.அப்படி ஒப்பிட்டுப்பார்ப்பதானது வருமானம் திரட்டும் வழியில் சிலவேளைகளில் பின்னடைவை,மனச்சோர்வை ஏற்படுத்தலாம் அல்லது அவசரமாக வசதிவாய்ப்புக்களை பெருக்கிக்கொள்ள சட்டரீதியற்ற, அல்லது சமூக விரோத மற்றும் தேசத்துரோக வருமானமீட்டும் முயற்ச்சிகளில் ஈடுபடலாம். உண்மையில் நாம் எப்போதும் எம்மைவிட சகல விடயங்களிலும் கீழாலுள்ளவர்களை நோக்கும்போதுஎம்மிடமிருக்கும்வசதிவாய்ப்புக்களில், சொத்துக்களில், தேகஆரோக்கியங்களில், வாழ்வாதாரத்தில் நாம் மனநிறைவும், திருப்தியுமடையலாம்.உதாரணத்திற்கு எம்மிடம் துவிச்சக்கர வண்டி (Bicycle) ஒன்றுள்ளது என வைத்துக்கொள்வோம். இதை வைத்துக்கொண்டு கார், வேன், மோட்டார்சைக்கில், ஆட்டோ போன்றவற்றில் செல்பவர்களைப் பார்த்து எம்மிடமும் அதுபோன்றவைகள் இல்லையே என்று கவலைப்படவோ,மனங்கலங்கவோ கூடாது. மாறாக நினைக்க வேண்டும் எம்மிடம் துவிச்சக்கர வண்டி (Bicycle) ஒன்றாவது உள்ளது, இதுகூட இல்லாதோர் எத்தனையோபேர் கால் நடையாக தமது செயற்பாடுகளை மேற்கொள்கின்றனர். இன்னும் சற்று ஆழமாக பார்த்தால் தனது ஒருகால், இரண்டு கால்களை இழந்தவர்கள் எத்தனை பேர் தமது செயற்பாடுகளை மேற்கொள்கின்றனர். தமது நிலையிலிருந்து முன்னேறக்கூடாது என்பதல்ல இதன் அர்த்தம். மாற்றமாக எம்மால் முடியுமான, ஆகுமான அணைத்து வழிமுறைகளைப் பயன்படுத்தி வாழ்வாதாரத்தை மேமேம்படுத்திக்கொள்வது அவரவர் கடப்பாடாகும். இதற்காக அவரவர் தமது தோட்டங்களை,அறிவு, ஆற்றல்,இயலுமைகள்,தொடர்முயற்ச்சிகள், வாய்ப்புக்கள் போன்றவற்றை முடியுமான வகையில் பயன்படுத்திக்கொள்வது உளநிறைவை ஏற்படுத்தவுதவும்.
|
|
|
|
| |
|
| |
|
| |
|
Says :
2010-12-04 02:05:56 |
|
Buddhism as well as other religions are based on a vision of personal, spiritual growth. Before we look at them as collective solutions we need to begin at a humble personal and family level. I am reading a book by Fr. Aloysius Peiris who sets out 2 conditions for internalizing and localizing any idea - local or foreign. The first is simplicity and the second is the viewpoint of the poor. The path of challenging structural injustice is the path of the cross - which means that you may have to sacrifice your life for this cause. So personal example and personal morality are our best weapons - and these must be cultivated. These ideas must be lived. If they are not our praxis we are just engaging in idle chatter. I learn many things from reading the posts above - unfortunately I could not read the Tamil one...
|
|
|
|
| |
|
| |
|
| |
|
Says :
2010-12-06 01:12:20 |
|
සිංහල අනුවාදව කතුවරයා ඉදිරිපත් කර ඇත්තේ හොඳ කරුණකි. රජයේ අරමුණ වන්නේද පුද්ගලයෙකුගේ ආදායම් මට්ටම ඉහළ නැංවීමයි. නමුත් මෙය සාර්ථක වේද? කවුරු හරි කෙනෙකුට උදව් කළොත් එකේ තමන්ගේ උත්සහය 90% ක්වත් තියෙන්න ඕනේ. මේකට අපි සුදානම්ද? දරිද්‍රතාවය මැඩපැවැත්වීම අද ඊයේ ආරම්භ වුණ එකක් නෙවෙයි. ලෝකයේ රටවල් හැමෝම විශාල ආහාර අර්බුදයකට මුහුණ පෑ දවසේ සිට කෘෂිකර්ම ක්ෂේත්‍රය වැඩිදියුණු කරන්න ඕනේ කියලා ලෝකයේ රටල් ඉදිරිපත් වුණා. ගෝලීය ආර්ථිකය පහත වැටුණු අවස්ථාවේ ලංකා පුරවැසියන් වන අපි ඒකට මුහුණ දෙන්න සුදානම් වුනා. ඒ ආකාරයට දරිද්‍රතාවය මැඩපැවැත්වීමට අපි සුදානම් වෙන්න ඕනේ. අපි අපගේ යුතුකම් ඉටු කරන්නේ අවම මට්ටමකිනි. කතුවරයා කියන පරිදි උපදෙස් දෙන්න පුළුවන් ඒක ක්‍රියාත්මක කරන්න අමාරුයි. නමුත් අපි හිතුවොත් කිසි දෙයක් අමාරු වෙන්නේ නෑ. ගෙවතු වගාව ඉතා වැදගත් දෙයක් අපි ඒවා ගැන වැඩියෙන් අවධානය යොමු කරන්න ඕනේ. අපි හැම දෙයක් ගැනම අවධානය යොමු නොකළොත් හිඟා කන අය හිඟා කන්නම බලනවා. එනම් දරිද්‍රතාවය දරිද්‍රතාව කියන තැනමයි තියෙන්නේ නැති වෙන්නේ නෑ. අපි මහජනතාව දැනුවත් කරන්න ඕනේ. කුසගින්න නැති කරනවාට වඩා ඒවා දැනුම හා කුසලතා වැඩි කරන්න වැඩසටහන් කරන්න ඕනේ. ඒක සමාජ බලමුළුගන්වන්නේ යුතුකමක් විධියට මම දකිනවා. රජය හා වෙනත් ආයතනවල ඉදිරිපත් කරන දරිද්‍රතාවය මැඩපැවැත්වීමේ වැඩසටහන්වල මානසික සෞඛ්‍ය වැඩි දියුණු කරගන්නා මාර්ගයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා නෑ කියලා කියන්න බෑ. රජය හා රාජ්‍ය නොවන සංවිධානවල මානසික සෞඛ්‍ය ගැන විවිධ වැඩසටහන්වලින් ක්‍රියාත්මක කරගෙන යනවා. නමුත් එම වැඩසටහන්වලදී මහජනයා සතු අවශ්‍යතාවය හා ඕනෑකම හඳුනා ගැනීම ඉතා වැදගත්. උතුරු නැගෙනහිර සහ කඳුකර ජනතාව ළඟ ඕනෑකම් අපිට දකින්න පුලුවන්. අපේ රටේ පුරවැසියන් මේ වගේ ඕනෑකම් ඇති කරගත යුතුයි.
நல்ல ஒரு விடயத்தை இந்த கட்டுரையாளர் சுட்டிக்காட்டியுள்ளார். தனி ஒரு நபரின் வருமானத்தை அதிகரிக்க வேண்டும் என்பது தான் அரசாங்கத்தினதும் நோக்கம் எனினும் இது சாத்தியமாகுமா? எவராவது எமக்கு உதவி செய்தாலும் எமது முயற்சி குறைந்தது 90 வீதமாகவேனும் இருக்க வேண்டும். இதற்கு நாம் ஆயத்தமாக இருக்கிறோமா ? வறுமை ஒழிப்பு என்பது இன்று நேற்று ஆர்ம்பமானதல்ல. உலக நாடுகள் அணைத்தும் பாரிய உணவு நெருக்கடியை எதிர்நோக்க உள்ளன என்ற எச்சரிக்கை விடுக்கப்பட்ட நாள் முதல் விவசாயத்துறையை மேம்படுத்த அனைத்து நாடுகளும் முன்வந்துள்ளன. உலக பொருளாதார வீழ்ச்சி ஏற்பட்ட போதும் அதற்கு முகம் கொடுக்க இலங்கையராகிய நாம் ஆயத்தமாகினோம். வறுமை ஒழிப்புக்கும் நாம் ஆயத்தமாகவேண்டும், எம்மிடமுள்ள பொறுப்பு மிகவும் குறைவாகவே உள்ளது. கட்டுரையாளார் கூறியது போல ஆலோசனைகளை வழங்கலாம் அதனை நடைமுறைப்படுத்துவது தான் கடினம். நாம் நினைத்தால் எதுவும் கடினமில்லை வீட்டுத்தோட்டம் என்பது மிக முக்கியமானது அது பற்றி அணைவரும் சிந்திக்க வேண்டும். எதைப்பற்றியும் நாம் கவலை கொள்ளாமல் இருந்தால் பிச்சை எடுப்பவர்கள் பிச்சை எடுத்துக்கொண்டுதான் இருப்பார்கள், வறுமை வறுமையாகவே இருக்கும். மக்கள் மனதில் ஒரு விழிப்புணர்வை கொண்டுவரவேண்டும். பட்டினியை ஒழிப்பதிலும்பார்க்க, அதுசார்ந்த அறிவையும், தகைமையையும் வலுப்படுத்தும் நிகழ்ச்சிகளை ஒன்றிணைக்கவேண்டியது சமூக நடவடிக்கையாளர்களின் பொறுப்பு என்பதை நானும் ஏற்றுகொள்கிறேன். அரசாங்கத்தினாலும், வேறு பல நிறுவனங்களினாலும் முன்னெடுக்கப்பட்டுள்ள வறுமை ஒழிப்பு நிகழ்ச்சிகளில் மனமகிழ்ச்சி/மனநலம் என்பவற்றை மேம்படுத்துவது தொடர்பில் போதிய அவதானஞ் செலுத்தப்படவில்லை என்று சொல்வதற்கில்லை அரசாங்கமும் சர்வதேச தொண்டு நிறுவனங்களும் இது தொடர்பில் பல திட்டங்களை நடைமுறைபடுத்தி வருகின்றன. ஆனால் இவற்றை அறிந்து அதுபோல் செயற்பட மக்களிடையேயும் தேவையும் ஊக்கமும் மிக மிக அவசியம். வடக்கு, கிழக்கு, மலையக மக்களிடையே அந்த ஊக்கத்தை காண முடிகிறது. நாட்டிலுள்ள எல்லா மக்களிடையேயும் இந்த ஊக்கம் ஏற்பட வேண்டும்.
|
|
|
|
| |
|
| |
|
| |
|
Says :
2010-12-30 02:17:36 |
|
ඇත්තෙන්ම අප යැපුම් මානසිකත්වයක් සහිත ජාතියක්ද? ගැත්තාට අනුකම්පාවෙන් ඇත්තා දුන් දෙයින් සැනසී සැතපී ඔහේ සිටියෝද? රාජ රාජමහේෂිකා අමාත්‍ය අධිකාරම් රටේරාල විදානේ ආරච්චිල ආදී ලෙස අණසක පැතිරවූ බලාධිකාරයේ පීඩනයෙන් ගැලවී සැනහී මියෙනු නියාවෙන් ලද දෙයින් තෘප්තිමත්ව වැරහැලි පොරවා දිළි`දුව විසුවෝද? වැඩවසම් අර්ථක්‍රමයෙන් ධනවාදයෙන් නව ලිබරල් වාදයට විකාශිත අප ජන සමාජය තවමත් පසුවනුයේ මුල්බැස ගත් පරාදීන මානසිකත්වයෙන්මද? සාලයේ මැජික් පෙට්ටියෙන් ගේ පුරා දෝරේ ගලන සර්වපිත්තල ස්වප්නයේ නිද්‍රාශීලීව අවදිව සිටින්නෙමුයි සිතන්නහුද? දරිද්‍රතාවයේ කඩඉම පනින්නට නම් සිදුකල නොයුතුද සිතුවිලි පෙරලියක්? සැකසිය නොයුතුද ඒසදහා වන වැඩසටහන්? නව යටත්විජිතවාදයේ පැවැත්ම වෙනුවෙන් පාරිභෝජන සමාජයක් පවත්වාගන යෑම සඳහා උපකාරී වනු පිණිසම ක්‍රියාශීලී වන්නෙමුද අපි? තමතම නැණ පමණින් විමසා බලනු නොවටීද?
|
|
|
|
| |
|
| |
|
| |
|
Says :
2010-12-30 12:11:23 |
|
Poverty is a global problem, but differing in degree. Developing countries suffer from it more.Poverty is not only an economic problem but a psychological problem too. How? Poverty weakens the psyche of those affected. Avenues for the blossoming of their personalities rarely come their way as they languish in socially isolated nooks and corners. Do--godders randomly shower them with cash and material goods on days like X mas but they never last. Actually after the gifts are spent,again they are at a Dead End.It has just been a short delusion of happiness. The more lasting help is to provide opportunities for them to activate their capabilities, to build an environment that is socially outgoing that would lead them to useful contacts or to openings leading to a better future. Regular bolstering of their ego too is necessary and that calls for commitment .
|
|
|
|
| |
|
|
| |
|
| |
|
| |
|
|
| |
|
|
|