Resource Library

හදිසි නීතියට හා මර්දනයට එරෙහිව

1971 හදිසි නිතිය ප්‍රකාශයට පත් කරමින් ආරම්ඹ කරන ලද මහා මර්දනයට එරෙහිව ගන ලද ක්‍රියා මාර්ග

Publisher: වත්මන් ලංකා වෙළෙද කාර්මික සහ පොදු කම්කරු සංගමය

Page Numbers: 39

Acc. No: 4930

Class No: 323 HAD-SL

Category: Books & Reports

Subjects: Civil and Political Rights

Type of Resource: Monograph

Languages: Sinhala

1971 තරුණ නැගිටීමෙන් පසුව ඇතිවූ තත්වයන් පාලනය කිරීම සඳහා එවක රජය විසින් හදීසි නීතිය ක්‍රියාත්මක කරමින් ආරම්භ කරන ලද මර්ධනකාරී ක්‍රියාවලියට එරෙහිව ලංකා වෙළඳ සේවක සංගමය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග මෙම පොත් පිංචෙහි අඩංගු වේ. 1971 කැරැල්ලට සමගාමීව රජය විසින් හදීසි නීතිය පැනවීම විවේචනය කරමින් ලංකා වෙළඳ සේවක සංගමයේ ලේකම් බාලා තම්පෝ විසින් අගමැතිනියට හා මන්ත්‍රී මණ්ඩලය වෙත යැවූ ලිපි කිහිපයක් මෙහි අඩංගු වේ. තරුණ කැරලිකරුවන් ත්‍රස්තවාදීන් ලෙස රජය විසින් හංවඩු ගැසීම සිය ලිපි මගින් හෙලා දකින තම්පෝ හදිසි නීතිය පැනවීම මගින් තවදුරටත් සිදු වන්නේ ප්‍රතිගාමීත්වය හිස එසවීම බව පේනවා දෙයි. තම්පෝ විසින් අගමැතිවරියට යවන ලිපි මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඔහුට ලැබෙන පිළිතුරු ලිපිද මෙහි අඩංගු වී තිබේ. මන්ත්‍රී මණ්ඩලය වෙත තම්පෝ යැවූ ලිපියකින් පෙන්වා දෙන්නේ හදිසි නීතිය අවලංගු කොට ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් හා සිවිල් නිදහස යළි ලබාදීමේ වැදගත්කමයි. 71 කැරැල්ල වැනි තීරණාත්මක අවධියකදී මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය පිලිබඳ යම් අදහසක් මෙම පොත් පිංච මගින් ලබාගත හැකිය.